Thursday, February 05, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ සිදුවුණු වෙනස මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

(Aruna)