Thursday, February 05, 2026
Follow Us
රනිල්ට හා කිවූ ජොන්ස්ටන්

රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගනී


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලැබූ කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගෙන තිබෙනවා.

අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

එම යෝජනාවට සහ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයේ දී ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවයි.

(Aruna)