Thursday, February 05, 2026
Follow Us
ශ්‍රීලනිපය ආදර්ශයක් දුන්නොත් ඇමතිකම අත්හරින බව නාමල් කියයි

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බවට සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඔහු මෙම අදහස් පල කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදියි.

(Neth)