Thursday, February 05, 2026
Follow Us
ඉදිරි දේශපාලන ගමනට එක් කර නොගන්නා පිරිස ගැන ජාතික ජනබල වේගයෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවෙන් ඉවත්වන හෝ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල පුද්ගලයින් සිය ඉදිරි දේශපාලන ගමනට එක් කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ එවැනි පුද්ගලයින් ජාතික ජන බලවේගයට එක් කර ගැනීමට ජනතාවද එකග නොවන බවයි.

නිසි වැඩ පිළිවෙලක් හා කැප කිරීමක් කළ හැකි ආණ්ඩුවකට රට ගොඩනැගිය හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැඩි දුරටත් පෙන්වා දුන්නා.

(Neth)