Thursday, February 05, 2026
Follow Us
ජනපතිගේ කතාවේ හොඳ සහ නරක විපක්ෂය පෙන්වයි

වත්මන් ආර්ථික අර්බුදය තමන් විසින් නිර්මාණය කළ එකක් නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව පිළිගත නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ධනාත්මක කරුණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)