Thursday, February 05, 2026
Follow Us
දෙමළ සන්ධානය සමග සාකච්ඡාව ජනපති අවසන් මොහොතේදී යළිත් අවලංගු කරයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

මෙම හදිසි තීරණයට හේතු වී තිබෙන්නේ සමගි ජන බලවේගයේ සංවිධානයෙන් අද කොළඹදී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයයි. මෙම විරෝධතාවය සඳහා දැනටමත් සජබ පාක්ෂිකයන් රැගත් බස්රථ 2000 කට ආසන්න ප්‍රමාණයක් කොළඹට ලඟා වී තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙමළ සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මීට පෙර අවස්ථා දෙකකදීද විවිධ හේතු නිසා කල්දැමීමට සිදු විය.

(LNW)