Thursday, February 05, 2026
Follow Us
මුදල් ඇමති පාර්ලිමේන්තුවට කැඳවන්න කිරිඇල්ල නියෝගයක් ඉල්ලයි

මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කැඳවා රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යවරයා මාස 03 කින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කියා සිටියේ.

කෙසේවෙතත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට මූලාසනයට අයිතියක් නොමැති බවයි කථානායකවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ. ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමග සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට එරෙහිව අදහස් පළ කළේ මෙලෙසයි.

(Neth)