Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් මරණ වලට හේතුව නිසි පරිදි එන්නත ලබා නොදීමයි - මන්ත්‍රී රාජිත ගෙන් චෝදනාවක්

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රමාදය මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා දේශපාලන තීන්දු ගෙන වසංගත රෝග තත්ත්වයන් වළක්වා ගත නොහැකි බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතය නතර කිරීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී පෙන්වා දුන්නා.

(Neth)