Thursday, February 12, 2026
Follow Us
අගමැතිගේ රැස්වීමට හවුල් පක්ෂ නායකයන් රැසක් ඇවිත් නෑ

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (04 දා) පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායක රැුස්වීමට ප‍්‍රධාන පක්ෂ කිහිපයක නායකයින් සහභාගි වී නොමැති බව වාර්තා වේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් මෙම රැුස්වීමට සහභාගි නොවන බව දැනුම් දී තිබේ.

පළාත් සභා මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා අගමැතිවරයා මෙම පක්ෂ නායක රැුස්වීම කැඳවා තිබිණි.

කෙසේ වෙතත් ලබන 11 වැනිදා මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නැවත පක්ෂ නායක හමුවක් කැඳවීමට ඊයේ (05 දා) පැවති රැුස්වීමේදී තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

(Lanka LEads)