Thursday, February 12, 2026
Follow Us
මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් ලිපියක්

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (03දා) ලිපියක් යොමුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සැමියා අත්අඩංගුවට ගැනීම නාටකයක් බැවින් තම සැමියා වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කරන්නැයි අයේෂා රිෂාඩ් පිටු තුනකින් සමන්විත ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියි.

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන මේ වනවිට ප්‍රශ්න කරනු ලබයි.

(Aruna)