පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතය.
ඒ අනුව 28 වනදා පළමුවරට එම කමිටුව රැස්වීම සිදුවේ.
සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එම කමිටුව පත්කරනු ලබා ඇත.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත් කර තිබේ.
කමිටුවට පත්කර ඇති සෙසු සමාජිකයින් වන්නේ…..
අමාත්‍ය චමල් රාජපක්ෂ
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකීර් මාකර්
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්
ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක් බව සඳහන් ය.
මේ අනුව ලබන බදාදා පස්වරු 02ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.
(Aruna)