Thursday, February 12, 2026
Follow Us
බෝම්බ ගැහුවේ සහරාන්ලා නෙවෙයි හරීන්ලා කියන්නද ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ ? - මනූෂ

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සති දෙකෙන් අල්ලන බව කියමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව දැන් උත්සාහ කරමින් සිටින්නේ හරීන් ප්‍රනාන්දුලා මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි පෙන්වීමටද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

"සුමාන දෙකෙන් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්, මහමොළකරුවන් අල්ලනවා කියලා බලයට ඇවිල්ලා මේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාලා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා පෙන්නන්නද, එහෙම නැත්නම් බෝම්බ ගහලා තියෙන්නෙ සහරාන්ලා නෙවෙයි හරීන් ප්‍රනාන්දුලා කියලා පෙන්නන්නද මේ උත්සාහ කරන්නෙ කියන එක අපට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙන්නෙ යම් යම් පාර්ශ්ව සතුටු කරගන්න, ඒවගේම ආණ්ඩුවේ අවශ්‍යතාවයට ආණ්ඩුවට විරුද්ධව නැගෙන චෝදනා යටපත් කිරීමට තමයි මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කරලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ නවලෝක රෝහලට ඊයේ (24) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)