Thursday, February 12, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම ගැන සොයන කමිටුව මෙන්න

පාර්ලිමේන්තුවේ දී අප්‍රේල් මස 21වන දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සමාජිකයින් අද(23) නම් කර තිබේ.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත් කර තිබේ.

කමිටුවට පත්කර ඇති සෙසු සමාජිකයින් වන්නේ…..

අමාත්‍ය චමල් රාජපක්ෂ
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකීර් මාකර්
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්
ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක් බව කථානායක මහින්ද යාපා අබේඅවර්ධන මහතා නිවේදනය කරයි.

කමිටුව ලබා දෙන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)