Thursday, February 12, 2026
Follow Us
ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ නායක රැස්වීමක් මැයි 04

ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීමක් එළඹෙන මැයි 04 වනදා උදෑසන 06.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වනදා පැවැති පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, 04 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉකුත් 19 වනදා පැවැති පක්ෂ නායක රැස්වීමට, පක්ෂ නායකයින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් එම අමාත්‍යවරුන් අදාළ රැස්වීම වර්ජනය කර තිබුණා. ඒ අනුව තම පක්ෂවල ගැටළු අදාළ රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කර අදාළ අමාත්‍යවරුන් තිදෙනා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබුණා.

(Neth)