ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන වෙත ආලෝකය සපයන නව ආලෝකකරණ පද්ධතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි
ඒ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක මාහිමිපාණන් වහන්සේ, තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය තායි මහා සංඝරත්නය සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජපානයේ ඉවාසාකි සමාගමේ මෙම නවීන High-Beam Eye Light ආලෝකකරණ පද්ධතිය මඟින්, මොසැයික් තාක්ෂණයෙන් ප්‍රතිසංස්කරණ කර නිමැවූ රන් වියනට රාත්‍රී කාලයේ අපූරු දිස්නයක් සහ ආලෝකයක් අද සිට එක්වෙනු ඇත.