Monday, September 21, 2026
Follow Us
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කරනු ලැබ ඇත.

අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා 24වැනිදා දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීමට අදාළව මෙම පත්වීම සිදු කර තිබේ.

එ් අනුව, මායාදුන්න කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.