කොත්මලේ ජලාශයේ වාන්දොරටු අද (05) පෙ.ව. 08.00 පමණ විවෘත කළ අතර එමගින් තත්පරයට ගණ අඩි 130 ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හරින බව කොත්මලේ ජලෘශ භාර වාරිමාර්ග ඉංජිනේරු වසින් දැනුම් තිබේ.
මේ හේතුවෙන් උලපනේ, ගෙඩිඔය, ගම්පොල, පේරාදෙනිය, කටුගස්තොට යන ප්රදේශ වල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත්වන ලෙස දන්වා සිටි.