Wednesday, August 05, 2026
Follow Us
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
 
සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
 
ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්රික්කයේ පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
 
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.