Sunday, February 01, 2026
Follow Us
වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණු වීමේ රෝග මර්ධනයට මුදල් වෙන් කරයි
වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණු වීමේ රෝග මර්ධනයට රජය විසින් රුපියල් මිලියන 2500කට ආසන්න මුදලක් වෙන් කර තිබෙන බව වාර්තා වෙයි.
 
වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්ධන වැඩසටහනෙහි 2025 වර්ෂයේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්රික්කවල ප්රගතිය විමසීමක් 2026 වර්ෂයෙහි සුදානම පිළිබඳවත් සාකච්ඡාවක් පසුගියදා (30) දිස්ත්රික් ලේකම් චන්දන තිලකරත්න මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
 
මාතර දිස්ත්රික්කයේ 2025 වර්ෂයේ ඉවත් කරන ලද පොල්ගස් වෙනුවෙන් වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 328ක් මුදලක් ගෙවා අවසන් කර ඇති අතර අතුරලිය, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, කිරින්ද පුහුල්වැල්ල, මාලිම්බඩ, මාතර, තිහගොඩ, වැලිගම, වැලිපිටිය, හක්මණ හා දිස්ත්රික් ලේකම් කාර්යාලය හා ප්රාදේශිය ලේකම් කොට්ඨාස 12ක් ආවරණය කර ඇත.
 
හම්බන්තොට දිස්ත්රික්කයේ බෙලිඅත්ත ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසම් 26කුත්, තංගල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසම් 16කුත් මෙම වන්දි ගෙවීම් අවසන් කර ඇත.
ගාල්ල දිස්ත්රික්කයේ හබරාදුව හා ඉමදුව යන ප්රාදේශිය ලේකම් කොට්ඨාශවල මුළු ග්රාම නිලධාරි වසම් 47කට මෙම වන්දි මුදල් ගෙවීම් අවසන් කර ඇතිබව මාතර, ගාල්ල, හා හම්බන්තොට දිස්ත්රික් පොල්වගා කිරීමේ මණ්ඩලයේ ප්රාදේශිය කළමණාකරුවන් විසින් ප්රකාශ කරන ලදී.
සමස්ත ලංකාවම පොල්වගා භූමි ප්රමාණය හෙක්ටයාර් 48000ක් වන අතර ඉන් හෙක්ටයාර් 23000කට පමණ මෙම රෝගය වැලදී ඇති අතර සම්පුර්ණ ග්රාම නිලධාරි වසම් 702ක් වන බව මෙහිදී සැලවිය.
මෙම රෝග මර්ධනයේදී මුහුණපාන ගැටලු හා ඒවාට ලබාදිය හැකි කඩිනම් විසදුම් පිළිබදව මෙහිදී අවධානය යොමු කල අතර වාර්ෂිකව රුපියල් මිලියන 2500කට ආසන්න මුදලක් රෝග මර්ධනයට වෙන් කරන බැවින් එහි නිසි නියම ප්රතිඵල ගැනීමට සැවොම එක්ව කටයුතු කල යුතු බව වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.විජය කීර්ති මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් පෙන්වා දුන්නේය.
 
මෙම අවස්ථාවට පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්ය සුනිමල් ජයකොඩි මහතාත්, සාමාන්යාධිකාරි බී.බී. විජේසිංහ මහතාත්, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතාත්, අධ්ය්ක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මියත් ,මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්)කාංචනා තල්පාවිල මහත්මියත්, මාතර,ගාල්ල, හම්බන්තොට දිස්ත්රික්කවල ප්රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්රාදේශිය ලේකම්වරුන්, පරිපාලන ග්රාම නිලධාරින්, ඇතුළු රාජ්ය නිලධාරින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලී)ය සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.