Friday, January 23, 2026
Follow Us
අත්අඩංගුවට ගත් අනුෂ පැල්පිට ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අතර අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කළේය.