Friday, January 23, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ලගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 272ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 252ක් පමණි.