මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බව අවධාරණය කළේය.
GSP ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් 05 දෙනෙකු ලබන සඳුදා දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර තොගයේ මෙරටට ලැබුණු තවත් පොහොර සාම්පලයක් විශේෂ පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. ඒ, ඒවායේ ද මෙරට පසට සහ වගාවට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටීදැයි සොයා බැලීම සඳහායි. බොහෝ විට එම පරීක්ෂණයෙහි ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
Newly elected Norwegian Labour Party MP, Sri Lankan born Kamzy Gunaratnam says she will ask the new Norwegian government to continue engagement with Sri Lanka.
බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් අරිෆුල් ඉස්ලාම් මහතා සමඟ සාකච්ජාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා හා බ්‍රිතාන්‍ය අමාත්‍යවරු වෙළඳාම, ආයෝජනය සහ දේශීය සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා
පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින්.
Journalist Keerthi Warnakulasuriya revealed that evidence against former navy commander Wasantha Karannagoda gathered by the Criminal Investigations Department, is now with the UN Human Rights Commissioner Michelle Bachelet.
ඊයේ පැවැති ජර්මානු මහ මැතිවරණයේ ප්‍රථිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැතිතුමා හමුවූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය කැපවීම අමාත්‍යවරු දෙදෙනාම යළි තහවුරු කළහ.
Travel experts anticipate a “large increase in bookings this weekend” for foreign trips to Sri Lanka and several other destinations, according to a report in UK’s Daily Mail.
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී, ථෙරවාදී බුදු දහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස ශක්තිමත් හා ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පවතිවන බව පෙන්වා දුන්නේය.
ඉන්ධන මිලදී ගැනීම ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
The Hambantota Inter-national Port Group (HIPG) signed a Memorandum of Understanding (MoU) with Xiamen King Long United Automotive Industry Co., Ltd. (King Long) in Fujian, China, last week.
ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ ලෙස්ටාරි ප්‍රියංසාරි මාර්සුඩි මැතිනිය විසින් නිව්යෝර්ක් හි ඉන්දුනීසියාවේ දූත මණ්ඩලය වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබීය. දෙරට අතර ද්විපාර්ශ්වික ගැටලු නොමැති බැවින්, ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම විදේශ කටයුතු අමාත්‍යවරුන් වශයෙන් ප්‍රමුඛතාවය වන බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය අවධාරණය කළාය. ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින මනාප වෙළෙඳ ගිවිසුම පිළිබඳ කටයුතු අවසන් කළ යුතුව ඇත.
“කොඩ්” හමුව අමෙරිකාවේ වොෂිංටනයේදී සාර්ථකව අවසන් වුණා. ඒ, අමෙරිකානු, ඉන්දියානු, ජපාන හා ඔස්ටේ්‍රලියානු රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන්. හමුව පැවැත්වුණේ ධවල මන්දිරයේදීයි. මෙවර හමුවේදී සාර්ථක තීරණ කිහිපයකටම එළඹීමට හැකිවූ බවයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිගේ සූගා විදෙස් මාධ්‍ය හමුවේ පැවසුවේ.
The UN Resident Co-ordinator Hanaa Singer Hamdy extended her appreciation for the continual resounding efforts initiated by the Government of Sri Lanka (GOSL) through the Defence Ministry to cripple the illegal drug ring, which in turn reflects a positive impression on both Sri Lanka and on the entire region, the Defence Ministry said
Page 202 of 377