මෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු සංවර්ධන බැංකුව, ඉකුත් වසරේදීද ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 750ක සහන ණය දුන්නා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා. ඒ, මාර්තු මස අග භාගයේදීයි. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සමග පැවති දුරකතන සංවාදයකින් පසු මෙම තීරණයට එළඹ ඇති බවටයි වාර්තා වන්නේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ සහ ලකුණු 222 කින් ජය ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175 ක්.
U. S. Ambassador Julie J. Chung said her country recognizes that much of the planet’s future will be written in the Indo-Pacific and Sri Lanka is at the heart of the Indo Pacific to play a leading role.
The global price of Brent crude oil went over $130 per barrel yesterday surpassing the top 2012 mark of over $128.
සිය රටට එල්ල වන යුදමය තර්ජන උපරිම මට්ටමට පැමිණ ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසනවා. කෙසේවෙතත් ඊට එරෙහිව නැගී සිටීමට සිය රටට ඇති හැකියාව ද තවමත් ඉහල මට්ටමේ පවතින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ලොව සුප්‍රකට හැකර් කණ්ඩායමක් වන "Anonymous" විසින් රුසියානු රාජ්‍ය රූපවාහිනී සේවයට අනවසරයෙන් ඇතුල්වී එහි පාලනය තමන් සතුකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් විවිධ අයුරින් ප්‍රතිචාර දක්වමින් සිටින බටහිර සහ යුරෝපානු රටවලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඉස්ලාම් රාජ්‍යයේ සතුරන් වන බටහිර රටවලට යුක්රේනයේ ඇතිවී තිබෙන යුද්ධය දිව්‍යමය දඬුවමක් බව ISIS සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.
මේ වන විට දකුණු ආසියාවේ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටක් වන පකිස්තානය චීනයෙන් ඩොලර් බිලියන 21 ක ණය සහන ඉල්ලා ඇති බව වාර්තාවනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකසා දෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටලින් ඉල්ලීමක් කර තිබේ.
රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමින්.
Sri Lanka has requested China and some others to offer certain loans, which has not yet been finalised, Central Bank Governor Nivard Cabraal said on Friday.
While claiming that the current Sri Lankan government has not demonstrated its unwillingness to pursue accountability UN Human Rights Commissioner Michelle Bachelet at the Human Right Council today called on the Council to pursue alternate strategies to advance accountability at the international level.
Page 160 of 376