Tuesday, February 17, 2026
Follow Us
International Affairs

යුක්‍රේන - රුසියා යුද්ධය තවදුරටත් ඇවිලෙමින් තිබියදී ඉන්දියාව - රුසියාවෙන් සහන මිලට ඉන්ධන ලබාගැනීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය අද තොරතුරු වාර්තා කළා. අඩු මිලට බොරතෙල් සහ සෙසු භාණ්ඩ සහන මිලට ලබාදීමට යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රුසියාවයි.

International Affairs

යුක්රේනයේ බටහිර ප්‍රදේශයේ නගරයක් වන ලිවීව් නගරය වෙත රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ලිවීව් නගරයේ පිහිටි හමුදා පුහුණු කඳවුරක් ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි. එහිදී රුසියානු පාර්ශවයෙන් මිසයිල ප්‍රහාර 30 ක් පමණ එල්ල කෙරුණු බවයි යුක්රේනය සඳහන් කළේ.

International Affairs

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.

International Affairs

බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 108.55යි

International Affairs

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සදහා ඉන්දීය අදානි සමාගමෙන් ඩොලර් මිලියන 500 ක ආයෝජනයට කැබිනට් මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ බව සදහන් කළා.

International Affairs

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීමේ පුහුණුකරු මෙන්න

International Affairs

දෙවැනි තරගයේ ඉන්දියාවට ලකුණු 208ක ජයක්

International Affairs

IMF නියෝජිතයෙක් මෙරටට එන හේතුව මෙන්න

International Affairs

මාලිංග රාජස්ථාන් පිලට

International Affairs

බ්‍රිතාන්‍යය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

International Affairs

Sri Lanka and India signed an agreement for the establishment of a Solar Power Plant in Sampur as a joint venture at the Ministry of Finance yesterday.

International Affairs

BERLIN, AFP: The G7 club of the most industrialised nations on Thursday urged big energy-producing countries to boost deliveries to blunt the impact of the Russian invasion of Ukraine on prices.

International Affairs

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ගැන යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් මේ වනවිට අමෙරිකාව හා චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අමෙරිකාව පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම සදහා චීනය කිසිසේත් රුසියාවට සහය නොදිය යුතු බවයි.

International Affairs

ලොව විශාලතම ප්‍රාදේශීය මැතිවරණය වන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට පාලක භාරතීය ජනතා පක්ෂය සමත් වුණා. මෙවර මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රාකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 150 ක්. ප්‍රාන්ත සභාවේ ආසන 400 ක් තෝරා පත්කරගැනීම සඳහා අපේක්ෂකයින් තරඟ වැදුණා.

International Affairs

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මැතිනිය, 2022 මාර්තු 9 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වූවා ය.

International Affairs

චීනය, ජපානය සහ මැදපෙරදිග කලාපයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය මස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 9 සහ 10 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී පළමු වරට රැස් විය. සිය කාර්යයන් ඇරඹූ මෙම කමිටු ත්‍රිත්වය, අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරන අමාත්‍ය මණ්ඩලයීය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා, අලි සබ්රි මැතිතුමා, රමේෂ් පතිරණ මැතිතුමා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සහභාගීත්වයෙන් මූලික රැස්වීම් කැඳවී ය.

International Affairs

මේවනවිට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිඳු හේතුවක් මත අමෙරිකානු හමුදාව යුක්රේනයට නොයවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

International Affairs

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යම් සමථයකට පත්වීම සඳහා අද යුක්ර්න හා රුසියා විදේශ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්විණි. තුර්කියේ අන්තල්යා හිදී දෙරටේ විදේශ ඇමතිවරුන් මුහණට මුහුණ හමු වූ අතර කෙසේ නමුත් එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.