Saturday, August 01, 2026
Follow Us
තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහනාධාර

සහනාධාර රැගත් නෞකාව තමිල්නාඩුවෙන් පිටත්වෙයි


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ආහාර සහ ඖෂධ සහනාධාර රැගත් නෞකාවක් අද ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතව තිබේ.

තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං ඉන්දීය මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ අද පස්වරුවේ චෙන්නායි සිට අදාළ නෞකාවට ශ්‍රී ලංකාට ගමන් කිරීමට නියමිත බවයි.

තමිල්නාඩුවේ විවිධ ස්ථාන වලින් එක්රැස් කර ගත් සහල්, කිරිපිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් මෙලෙස නැව් ගත කර තිබේ.

අදාළ ඖෂධ තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 28කි.

(Aruna)