ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 මැයි 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය හමුවිය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද හමු වුණා. දේශපාලන ස්ථාවරත්වය ඇති කර වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපතිනිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.
අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්‍ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.
ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ජා සිදුකිරීම සඳහා ලොව සුප්‍රසිද්ධ මුල්‍ය සහ නීති උපදේශන සමාගම් වන Lazard සහ Clifford Chance හී සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
Indian Prime Minister Narendra Modi said that Sri Lanka is passing through difficult times and as a close friend and neighbour, India is providing all possible support to Sri Lanka.
ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගයක් දිවයිනට අද ලැබීමට නියමිතව තිබෙනවා. ඒවා ප්‍රංශ රජයෙන් ආධාර ලෙස ලැබීමට නියමිතයි. ඒ අනුව සියලුම හදිසි ශල්‍යාගාර ඒකක දින 90 කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණ කළේ.
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතවරයා සහ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්ෂවරයා හමුවෙයි (WFP).
Page 155 of 387