චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව වෙත සතියකට ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට චීනය වෙත වැඩි වාර ගණනක් පැමිණීමටද අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හමුවූ අවස්ථවේදීයි.
අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සෑම පවුල් 10 කින් 07 කටම දෛනිකව ලබා ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති බව යුනිසෙෆ් සංවිධානය සිදුකළ නිරීක්ෂණවලදී හෙලි වී තිබෙනවා. ඇතැම් පවුල් දිනකට ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය සීමා කර ඇති අතර එසේ නොමැති නම් ලබාගන්නා ආහාරවල පෝෂණය අවම කිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (20) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
කොවිඩ් මර්ධනය සඳහා ජනතාවට ලබාදීමට මෙරට ගෙන්වන ලද ෆයිසර් එන්නත් තොගය එළඹෙන ජූලි මාසයෙන් පසු කල් ඉකුත් වනවා. ඇතැම් පුද්ගලයින් එම එන්නත ලබා ගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යම් එන්නත් ප්‍රමාණයක් අපතේ යාමේ අවධානමක් පවතින බවයි වාර්තා වුණේ.
Foreign Affairs Minister Prof. G.L. Peiris met the Vice Minister for Foreign Affairs of Japan, the Minister for Foreign and Commonwealth Affairs of the UK and the Ambassadors/Permanent Representatives of the United States, Canada, India and France, on the sidelines of the 50th session of the Human Rights Council.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ හමුවී තිබෙනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීවයි.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගට මෙම තරගය ද අහිමි වනවා. ඔහුට සති 02 ක කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බවයි වාර්තා වුණේ.
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.
ඉන්දියාවේ දෙවන විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉන්දියානු පිරිපහදුකරුවන් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලදී ගැනීම හමුවේයි. ඒ අනුව මේවනවිට ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් සියයට 18%ක් හිමිව ඇත්තේ රුසියාවටයි. මීට පෙර එම ප්‍රතිශතය සියයට 1 ක්ව පැවතුනා.
China President Xi Jinping yesterday sent a birthday letter to President Gotabaya Rajapaksa.
Russia-based carrier Aeroflot is willing to resume flight operations to Sri Lanka if the government assures that its aircrafts will not be detained again, an official said.
ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ රැස්වීමක් ඊයේ (18) පැවැත්වී තිබේ.
යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාදක ,අනුවන සහ හිතුවක්කාරී ක්‍රියාවක්, බව රුසියානු ජනාධිපති වැලැද්මිර් පුටින් පවසනවා. ශාන්ත පීටස්බග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුලුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික සම්බාදක පනවා සිය රට තලා පෙලා දැමීමට උත්සහ කිරීම අසාර්ථක ක්‍රියාවක් බවයි.
Page 142 of 380