Sunday, February 15, 2026
Follow Us
ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ නව ජනපති ලෙස දිවුරුම් දෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ද්‍රෞපති මුර්මු අද එම ධුරයේ දිවුරුම් දුන්නා. ඒ, ඉන්දීය අගවිනිසුරු එන් වී රාමනා ඉදිරියේයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍ය ශාලාවේදී උදෑසන 10 යි 15 ට පමණ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණා.

ඒ අනුව ද්‍රෞපති මුර්මු දිවුරුම් දුන්නේ ඉන්දියාවේ 15 වන ජනාධිපතිවරයා ලෙසයි. එමෙන්ම ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දිය ජනාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව ලෙසද ඇය ඉතිහාසයට එක්ව තිබෙනවා. ඉන්දීය ජනාධිපතිවරණය පැවැත්වුණේ ඉකුත් 18 වනදායි.

Neth