හමුදා කුමන්ත්‍රණයක් මගින් චීන ජනාධිපති ෂී ජින් පින් බලයෙන් පහකර ඇති බවට පසුගිය දිනවලදී සමාජ ජාලා මාධ්‍ය හරහා විවිධ පුවත් පළවිය. ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත්කර ඇති බවත්, හමුදා නායකයෙකු මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වී තිබිණි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට කැනඩාවේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (26) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවූ මොහොතේ ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී පැවැත්විණි.
රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් රැගෙන යනු ලබන Nord Stream නම් නළ මාර්ගය බෝල්ටික් මුහුදේදී හානියට ලක්වී ඇති අතර මේ හේතුවෙන් නළයෙන් ගෑස් කාන්දුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී අද නිල වශයෙන් භාර දෙනු ලැබීය.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව චීන යුවාන් මුදල් ඒකකය ද වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. එය සැලකෙන්නේ 2008 වසරෙන් පසු චීන මුදල් ඒකකයේ වාර්තා වූ පහළම අගය ලෙසයි.
ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබාදීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා පවසනවා. 27 පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ජපානයේ හිටපු අග්‍රාමා්‍ය ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ටෝකියෝහිදී මේ වන විට පැවැත්වෙනවා. එහි ආරක්ෂාව සඳහා 20,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
While claiming that the international community must rise above narrow national agenda, India said that, for its part, is taking exceptional measures at exceptional times to help its neighbourhood including Sri Lanka.
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතවරිය හමු වූ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරයි.
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ලාංකිකයන්ට එක්සත් රාජධානිය හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව තාරික් අහමඩ් සාමිවරයා අද (සැප්තැම්බර් 23 සිකුරාදා) නිවේදනය කළේය.
Page 123 of 387