Wednesday, September 23, 2026
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජය ගත නොහැකි බව විදේශ ඇමති ජිනීවා සිට කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම් හමුවේ එය ජය ගැනීම ශ්‍රී ලංකාවට අසීරු වනු ඇතැයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් 47 දෙනාගෙන් 30 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජිනීවා නුවර සිට සූම් තාක්ෂණය ඔස්සේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මේ බව සඳහන් කළා.

Neth