මතභේදාත්මක කැස්ස පැණිය නිෂ්පාදනය කිරිම සම්පූර්ණයෙන් අත්හිටුවන්නැයි ඉන්දිය බලධාරීන් අදාළ නිෂ්පාදන සමාගමට නියෝග කර තිබෙනවා.
යුක්‍රේනය ඉලක්ක කර රුසියාව අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට කිව් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක්ම රුසියානු මිසයිලවලට ඉලක්ක වී ඇති බවයි. රුසියාව මෙලෙස යුක්‍රේනයේ කිව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේ මාස කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.
Debt Restructuring and Implementation of Deep Reforms Critical for Sri Lanka’s Economic Stabilization
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙනවා. ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ටයි.
අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ වර්ග 04 ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට පුලුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
සිය රට ඉලක්ක කර ඉකුත් දා එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ රුසියාවට තවදුරටත් සම්බාධක පනවන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් හිමිවන බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ.
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මීට සුළු මොහොතකට පෙර සම්මත වුවා.
Page 120 of 387