ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වෙති.
මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්වූ ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව මොරොක්කෝවට රිච්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.
දේශීය මුල පිරීම් සඳහා කැනේඩියානු අරමුදලේ අනුග්‍රහයෙන් ජාතීන් අතර මිත්‍රත්වය පදනම විසින් ක්‍රියාත්මක කරන ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (04) උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකණ්ඩිය ග්‍රාම සේවා කොට්ඨාසයේ දී ආරම්භ කෙරිණි.
චීන තානාපති කාර්යාලයේ නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, අමාත්‍ය උපදේශක Yanwei Zhu මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක්, චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණ.
මෙහි දී, දෙරට අතර පවතින නොබිඳෙන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම, බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස ආගමික සංහිඳියාවන් වර්ධනය කර ගැනීම, දෙරටේ තරුණ තරුණියන්ගේ ආකල්ප හා සුහදතාවය වර්ධනය කිරීම පිණිස ක්‍රීඩා ඇතුළු තරුණ වැඩමුළු සංවිධාන කිරීම, කෘෂි තාක්ෂණය නව්‍යකරණය කිරීම ආදිය පිළිබඳ ඉතා සුහදව සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා චීන රජයේ පූර්ණ සහාය ලබාදීමට Yanwei Zhu මහතා එකඟ වී තිබේ.
හංෂෝ හි පැවැත්වීමට නියමිත "ආසියානු ක්‍රීඩා උළෙල" පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කර ඇති අතර චීන ඔලිම්පික් කමිටුව මුණගැසීමට අමාත්‍යවරයා කැමැත්ත ප්‍රකාශ කර ඇත.
මේ වසරේ ඔක්තෝබර් මස 04 - 06 දින දක්වා "ටිබෙට්"හි පැවැත්වීමට නියමිත වැඩමුළුවකට අමාත්‍යවරයා වෙත ද ආරාධනා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව Yanwei Zhu මහතා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” යන තේමාව යටතේ සැප්තැම්බර් 14 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත "G77 සහ චීනය" රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පුස්තකාලය වෙත රුසියානු ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කරන ලදි. ඇය විසින් මෙරටදී පරිහරණය කරන ලද කෘති ගණනාවක්ද මෙම එකතුවට ඇතුළත් විය.
අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට(ICTA) හිමිවිය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල තරුණ ප්‍රතිපත්ති ආමන්ත්‍රණය කරමින් සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුවේ, 10 වැනි සමුළුව (The 10 th commonwealth youth ministers meeting 10CYMM) සැප්තැම්බර් 11 සිට 15 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර Marlborough House හි දී පැවැත්වේ.
ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ, මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම පසුගියදා සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉතාලියේ නව තානාපති H.E Damiano Francovigh සමඟ ඵලදායී හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට ධීවර ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන කර්මාන්තකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හමුවිය.
A Parliamentary delegation from Japan called on Prime Minister Dinesh Gunawardena at Temple Trees yesterday (September 1) to discuss further strengthening of bilateral cooperation and people-to-people relations between Japan and Sri Lanka.
Page 74 of 387