Tuesday, February 10, 2026
Follow Us
දකුණු කොරියාවේ සුව වූ රෝගින් 91කට නැවතත් කොරෝනා වැළදෙයි

කොරොන වයිරසය වැළඳීමෙන් පසු සුවය ලැබූ දකුණු කොරියානුවන් 91 දෙනෙකුට නැවත වරක් රෝගය වැළදී තිබේ.

කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (KCDC) සිකුරාදා පැවසුවේ රෝගීන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමට හේතු අපහැදිලි බවයි.

KCDC හි අධ්‍යක්ෂ ජියොන් යුන්-කියොං ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ රෝගීන්ට නැවතත් වෛරසය ආසාදනය වීමට වඩා මෙහිදී සිදුව ඇත්තේ ඔවුන් තුළ නැවතත් වෛරසය සක්‍රීය වී ඇති බවයි.