Monday, February 09, 2026
Follow Us
බ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපති ගෝඨභයගෙන් පණිවුඩයක්

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මේ වන විට ලන්ඩන් හි රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ය.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉක්මන් සුවය පතා ලොව තවත් නායකයින් රැසක් ද පණිවුඩ නිකුත් කර තිබේ.

(Lanka Leads)