Monday, February 09, 2026
Follow Us
අපේ හමුදාවේ 58 කට බි‍්‍රතාන්‍යයේ සංචාරය තහනම් කිරීමට නීති ගෙනෙයි

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 කට බි‍්‍රතාන්‍යයේ සංචාරයේ යෙදීම තහනම් කිරීම සඳහාවූ නව නීතිරීති ලබන මාසයේදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය ඇමරිකාව විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට සමානය.

විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තිය යටතේ මෙම තහනම් නීතිරීති පැනවීමේ නව පාර්ලිමේන්තු කෙටුම්පත ඉදිරිපත් කෙරේ.

මේ බව බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු භාර රාජ්‍ය ඇමැති නිජල් ඇඩම්ස් විසින් හෙළි කර ඇත.

(Lanka Leads)