Monday, February 09, 2026
Follow Us
ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන රටවල් 31 ක විරෝධය

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉවත්වීම ගැන රටවල් 31 ක් එරෙහි වී ඇත.

යුරෝපා සංගමය ප‍්‍රමුඛ කැනඩාව ද එම රටවල් අතර වේ.

මෙම රටවල් 31 දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම, සංහිඳියා කි‍්‍රයාමාර්ගය ඉටුකිරීම සහ ආරක්‍ෂක හමුදා ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවයි.

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වුවද එම යෝජනාව 2021 මාර්තු මස යළි 46 වන මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට අදාළ තවත් විමර්ශන වාර්තාවක් ඊයේ (02 දා* මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබේ.

(Lanka Leads)