Tuesday, February 17, 2026
Follow Us
මාලදිවයිනේ ජනාධිපති සහ මුළු කැබිනට් මණ්ඩලයම දිවයිනේ සංචාරයකට සැරසෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිලසංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මාලදිවයින් ජනාධිපතිවරයෙක් සමස්ථ කැබිනට් මණ්ඩලය සමගම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවට වන අතර මෙම සියලුම දෙනා මෙරට සංචාරය කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව බව වාර්තා වෙයි.

(Aruna)