Wednesday, February 11, 2026
Follow Us
එල්.ටී.ටී.ඊ.ය පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය කිරීම ගැන මුල් වරට ජිනීවා සමුළුවට පැමිණිලි… සාක්‍ෂි දෙන්න කරුණා සූදානම්

කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල ඊට අදාළ පැමිණිල්ල මානව හිමිකම් බලධාරීන් වෙත යොමු කරන බව ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් කිසිදු රජයක් මේ සමූල ඝාතනය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර නැත.

මෙම අපරාධය ගැන මානව හිමිකම් කවුන්සිලය කැඳවීමක් කළහොත් සාක්‍ෂි දීමට සූදානම් බව නැගෙනහිර හිටපු කොටි හමුදා නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) ප‍්‍රකාශ කර ඇත.

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමූ ස්ථානය ජනෙත් විමල විසින් සොයාගෙන තිබේ.

මෙම සමූල ඝාතනය සිදු කළේ ප‍්‍රභාකරන්, පොට්ටුඅම්මාන් සහ ස්වර්ණම් බව කරුණා තවදුරටත් හෙළිකර ඇත.

(Lanka Leads)