Tuesday, February 17, 2026
Follow Us
J. C. වැලිඅමුණ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ධුරයට

Transparency International ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයෙකුව සිටි නීතිඥ J. C. වැලිඅමුණ මහතා ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් වරයා ලෙස පත්කිරීමට නම් කර යවා ඇතැයි වාර්තා වේ.

J.C.වැලිඅමුණ මහතා නීති හා මානව හිමිකම් ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති නීතිඥවරයෙකි. යහපාලනයේ සහ මානව හිමිකම් ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටියේය.

මහින්ද රාජපක්ෂ රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සේම, වැරදි සහගත විදේශ දූත සේවා පත් කිරීම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ වැලිඅමුණ මහතා රාජ්‍ය සේවයේ විදේශ පත් කිරීම්වලදී එම් ක්ෂේත්‍රයේ පළපුරුදු රජයේ නිලධාරීන් පත්කිරීම වෙනුවෙන් දැවැන්ත ලෙස අතීතයේ පෙනී සිටියෙකි.

(Aruna)