ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිතුමා සමඟ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29-01-2026 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගිත්වයෙන් ශ්‍රී ලංකාවේ වරාය සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය දියුණු කළ හැකි ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ නායකයින් සඳහා වන ජාත්‍යන්තර වැඩසටහන පෙබරවාරි 03 වන දා සිට 06 දක්වා ඩුබායි නගරයේදී පැවැත්වීමට නියමිතයි. තානාපතිවරයා මෙම වැඩසටහනට සහභාගි වීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට නිළ වශයෙන් ආරාධනා කිරීමද සිදු විය.
තානාපතිවරයා කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමට Abu Dhabi Ports සමාගම ඇතුළු තවත් සමාගම් කැමැත්තෙන් සිටින බවද ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම ආයෝජනයන් සඳහා කැමති සමාගම් සමඟ සාකච්ඡා සංවිධානය කිරීමට ද තානාපතිතුමා විසින් යෝජනා කරන ලදී. එම ආරාධනයට ස්තූතිය පුද කළ අමාත්‍යවරයා එම සංචාරයෙන් ලබාගත හැකි අත්දැකීම අනාගතයේදී තම අමාත්‍යාංශයේ කාර්යභාර්යයට වඩාත් ඵලදායී වන බව ද ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයාට පෙබරවාරි මස 03 වන දා ඩුබායි නගරයේ ලෝක රාජ්‍ය සමුළු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ගෝලීය සේවා සැපයුම් වට මේස සාකච්ඡාවට ද සහභාගිවීමට ද ආරාධනා ලැබිණි.
මෙම සාකච්ඡාවේදී දකුණු ආසියා කලාපය තුළ වරාය සහ පර්යන්ත සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ලෝකයේ ප්‍රධාන නාවික මාර්ග වලට ආසන්නව පිහිටි භූගෝලීය තත්ත්වය මේ සඳහා ප්‍රධාන හේතුවක් විය.
අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව එක්ව සිදු කරමින් පවතින කොළඹ වරාය සංවර්ධන සැලැස්ම මෙම වසර මැදදී අවසන් වීමට නියමිත බැවින් එම අධ්‍යනයන්ට අනුකූලව වරාය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කරන බව ද මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේදී ගුවන්තොටුපළ සහ ගුවන්සේවා ක්‍ෂේත්‍රය පිළිබඳව දෙපාර්ශවයේම අවධානය යොමු විය. ශ්‍රී ලංකාව තුළ පවතින දක්ෂ ගුවන්යානා ඉංජිනේරු ශ්‍රම බලකාය සහ අඩු මෙහෙයුම් පිරිවැය ගුවන්සේවා ක්‍ෂේත්‍රය දියුණු කරගැනීමට ඉවහල් වන බව තානාපතිවරයාගේ විශේෂ අවධානයට ලක්විය. ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය ගුවන්යානා නඩත්තු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම ගැනද සාකච්ඡාවට භාජනය විය.
සාකච්ඡාව අවසානයේ ගුවන්‍සේවා සහ වරාය සේවා සැපයුම් ක්‍ෂේත්‍රවල ප්‍රායෝගික සහ දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනඟාගැනීම සඳහා ඉදිරියටත් සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් W.W.S මංගල මහතා සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගි වූහ.