Saturday, September 05, 2026
Follow Us
නවසීලන්තයේ නායයෑමකින් පුද්ගලයන් පිරිසක් අතුරුදන් වෙයි

නවසීලන්තයේ සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියක නායයෑමක් සිදු වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම  නායයෑමෙන් දරුවෙක් ඇතුළු කිහිපදෙනෙක් අතුරුදන් වී තිබෙන බවත් එලෙස අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබෙන බව ද වාර්තා වී ඇත.

එම ප්‍රදේශයයේ පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ මෙම නායයෑම සිදු වී තිබේ.

එමෙන්ම පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් ද තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි .