Saturday, February 07, 2026
Follow Us
ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

 

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකා නිත්ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාද සහභාගි වී සිටී.