Wednesday, September 10, 2025
Follow Us
නියෙලෙනි 3 වන ගෝලීය සමුළුවේ සමාරම්භක උත්සවය මහනුවරදී
ආහාර ස්වෛරීභාවය සඳහා වන නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්යංශයේ මගපෙන්වීම අනුව ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ පූර්ණ සහයෝගය ඇතිව මහනුවර පොල්ගොල්ලේ පිහිටි එම ආයතන පරිශ්රයේදී පසුගියදා (08) පෙරවරුවේ ආරම්භ විය.

මෙම සමාරම්භක උත්සවය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 
සමාරම්භක උත්සවය සඳහා ශ්රී ලංකාව තුළ පසුගිය දශක දෙකක කාලයක සිට ආහාර නිෂ්පාදනය, අගය එකතු කිරීම, සමුපකාර හා විකල්ප වෙළෙඳපොළ මෙන් ම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, වතුකර ජනතාව, උතුරු නැගෙනහිර ප්රදේශයන්හි ක්රියාකාරීන්, නායකයින් හා බහුජන ව්යාපාරයන්හි නියෝජිතයන් 300 කට වැඩි පිරිසක් සහභාගී විය.
 
දින 10ක් පුරා ශ්රී ලංකාවේ පැවැත්වෙන මෙම ගෝලීය සමුළුව සඳහා රටවල් 102 කට වැඩි සංඛ්යාවක නියෝජිතයන් 700 ක් පමණ සහභාගී වන අතර සමුළුවට සමගාමීව සමුපකාර කෘෂි නිෂ්පාදන වෙළෙඳ කුටි හා ප්රදර්ශන, දැනුවත් කිරීමේ වැඩමුළු, සංස්කෘතික ප්රසංග ඇතුලු වැඩසටහන් රැසක් ද ක්රියාත්මක වේ.