Friday, March 27, 2026
Follow Us
නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂක අංශ යටතට
ප්රචණ්ඩ ක්රියා හමුවේ නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ රාත්රී සිට යුද හමුදාවට සහ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

විරෝධතා මුවාවෙන්, ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනිතැබීම් සහ දේපල විනාශ කිරීම් සිදු කරන බැවින් ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බවයි නේපාල හමුදාව පවසන්නේ.

නේපාලයේ හිටපු අග්රාමාත්යවරයෙකු වන ජලනාත් කනාල්ගේ බිරිඳ වන රාජ්ය ලක්ෂ්මි චිත්රකාර්, විරෝධතාකරුවන් විසින් කත්මන්ඩු අගනුවර පිහිටි නිවසේ සිරකර ඊට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
 
ඇය, රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. නේපාල ගැටුම්වලින් මේ වන විට මියගොස් ඇති සංඛ්යාව 21 ක් වන අතර, 500 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.