Wednesday, September 03, 2025
Follow Us
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අතර හමුවක්
මෙරට සෞඛ්ය පද්ධතිය ශක්තිමත් කරලීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කරයි.
මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (01) පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී සෞඛ්ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ක්රියාත්මක රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සිය ප්රසාදය අමාත්යවරයා වෙත පළකළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීමට වත්මන් රජය ක්රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව ඇය මෙහි දී සදහන් කළා ය.
ඉන්දුනිසියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මෙරට වෙළෙඳපොල වෙත ලබාදීම, රජයන් - රජයන් අතර ඖෂධ ලබාගැනීම වෙනුවෙන් මෙරට ක්රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවත් තානාපතිනිය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගෙන් කරුණු විමසා සිටියා ය.
 
මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල, රජයන්, රජයන් අතර ඖෂධ ලබාගැනීමේ ක්රමවේදය මෙන් ම ඉන්දුනිසියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මෙරට වෙළෙඳපොල වෙත ලබාගැනීම, රජය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්රාථමික සෞඛ්ය ප්රවර්ධන වැඩසටහන පිළිබඳව ද අමාත්යවරයා මෙහි දී මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය දැනුවත් කරන ලදි.
 
එමෙන් ම අමාත්යවරයා සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික වශයෙන් ශ්රී ලංකාවත් ඉන්දුනීසියාවත් අතර ඇති රාජතාන්ත්රික සබඳතාවන් තවත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව හා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය මගින් ක්රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් සහ සෞඛ්ය ක්ෂේත්රය සවිබලගැන්වීමේ ව්යාපෘති පිළිබඳව ද තානාපතිතුමිය දැනුම්වත් කිරීමට මෙහි දී කටයුතු කළේ ය.
 
මෙම හමුව සදහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ශීලා අනන්තා උලී (Sheila Ananta Ully) යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.