Friday, August 15, 2025
Follow Us
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්   මහතා (Mr. Andrew patrick)  අතර හමුවක් අද (15)  මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී දෙ‍රට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා  සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ජා කරන ලද අතර රටේ අධ්‍යාපනයේ  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙන්ම මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති  සම්බන්ධයෙන් කරුණු  සාකච්ඡා කරන ලදී.

මෙහිදී විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දියහැකි සහාය ලබාදීමටත්,  මධ්‍යම පළාතේ සිදු කරන ලබන විවිධ නිෂ්පාදන අපනයනය කිරීම, කුළු බඩු වර්ග, වසවිසෙන් තොර දේශීය පළතුරු හා එළවළු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡාවට බඳුන් විය.

මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර අභයකෝන් මහතා  විසින්  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කරන ලද අතර මෙම අවස්ථාවට , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල,  ආණ්ඩුකාර සහකාර ලේකම්  චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.