Sunday, February 08, 2026
Follow Us
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර 60 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරේ
මාලදිවයිනෙහි රාජ්ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්යානයේදී ශ්රී ලංකාව අතර රාජ්යතාන්ත්රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගි විය.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu), මාලදිවයින් සංචාරක සහ පරිසර අමාත්ය තෝරික් ඉබ්රාහිම් (Thoriq Ibrahim) යන මහත්වරුද, ශ්රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.