Sunday, February 08, 2026
Follow Us
රුසියාවේ ප්‍රබල භූ කම්පනයක් - අඩි 13ක් උස සුනාමී රළක්

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.

මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.