Saturday, July 19, 2025
Follow Us
ඊශ්‍රායලයේදී ලංකාවේ තරුණයින් සිටි බස් රථයක් ගිනි ගනී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

 මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 

 අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවේ. මේ පිළිබඳව විවිධ සටහන් තබා ඇතත් තුවාල වූ තරුණයාට තදබල අනතුරක් නොමැති බව සනාථ නිමල් බණ්ඩාර මහතා තහවුරු කර සිටියි.

අදාළ සමාගම ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන අතර අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත ව සිටිති.