ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා සහ ශ්රී ලංකාවේ ප්රංශ තානාපති H.E. Rémi Lambert මහතා අතර වැදගත් හමුවක් පසුගියදා අමාත්ය කාර්යාලයේදී සිදු විය. මෙම හමුවේදී ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වන විවිධ ක්රියාමාර්ග සහ පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවේ ප්රධාන අංගයක් වූයේ ධීවර අමාත්යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු ශ්රී ලංකා නියෝජිත පිරිසක් විසින් මෑතකදී ප්රංශයේ සිදු කරන ලද නිල සංචාරයයි.
මෙම සංචාරයේදී, ප්රංශ රජය සතු රාජ්ය මූල්ය ආයතනයක් වන ප්රංශ සංවර්ධන නියෝජිත ආයතනය (Agence Française de Développement - AFD) සමඟ වරාය සංවර්ධනය පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. විශේෂයෙන්ම, ගාල්ල, බේරුවල, පුරාණවැල්ල සහ කුඩාවැල්ල යන ප්රධාන ධීවර වරායන් හතරේ සංවර්ධනය සඳහා AFD වෙතින් ලැබිය හැකි සහයෝගය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා සමඟ ප්රංශ තානාපති Lambert මහතා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ අතර, ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම ව්යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යා හැකි බවට සහතික විය.